Wednesday, September 27, 2023
Google search engine
Homeඋණුසම් පුවත්කූඨ ලේඛන හැඳූ තිදෙනෙක් අත්අඩංගුවට

කූඨ ලේඛන හැඳූ තිදෙනෙක් අත්අඩංගුවට

කූඨ ලේඛන සැකසූ සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් නාරාහේන්පිට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. 

සැකකරුවන් හා සැකකාරිය ඊයේ(01) නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ආසන්නයේ පිහිටි ස්ටූඩියෝ ආයතනයක සිදුකරගෙන ගිය කූඨ ලේඛන සැකසූ ස්ථානයක් වැටලීමේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

මෙම වැටලීමේ දී දිවයිනේ විවිධ ප්‍රදේශවල නීතිඥවරුන්ගේ සහ සාම විනිසුරුකරුවගේ නිල මුද්‍රා ඇතුළු නිල මුද්‍රා 260ක්, ව්‍යාජ ලෙස සකස්කරමින් තිබූ රක්ෂණ කාඩ්පතක්, ව්‍යාජ ලෙස සැකසූ හැඳුනුම්පත් 03ක්, ව්‍යාජ ලේඛන සැකසීමට යොදාගත් උපකරණ රැසක්ද මෙහිදී පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සහ සැකකාරිය වයස අවුරුදු 31,70 සහ 42 යන වයස් සීමාවල පසුවන්නන් වේ. සැකකරුවන් දෙදෙනා පල්ලේවත්ත සහ නාරාහේන්පිට ප්‍රදේශවල පදිංචිකරුවන් සහ සැකකාරිය රාගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.  

ඔවුන් අද(02) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments