Wednesday, September 27, 2023
Google search engine
Homeව්‍යපාරිකපොලිස් නිලධාරියා හොර ඔප්පු හැදුවාට නිදහස් වාහනය මස් කළාට හිරගෙට

පොලිස් නිලධාරියා හොර ඔප්පු හැදුවාට නිදහස් වාහනය මස් කළාට හිරගෙට

හිමිකරුවන් විදේශගතව සිටියදී කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවසක් සහිත ඉඩමකට හොර ඔප්පු සකස් කොට විකුණා නිවසේ තිබු රන් ආභරණ ඇතුළු දේපළ විකිණීම ඇතුළු චෝදනවලින් හිටපු පොලිස් නිලධාරියකු නිදොස් කොට නිදහස් කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නිවස ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයක් සොරාගෙන එහි එන්ජිම කොටස් කර විකුණීමේ චෝදනාවට වරදකරු වු එම පොලිස් නිලධාරියාට වසර 04ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් අද (02) නියම කළේය.

විත්තිකාර හිටපු පොලිස් නිලධාරියා සමඟ එක්ව මෙම අපරාධය කළ අපරාධයේ මහමොළකරු වු බුලත්සිංහලගේ ගුණසිංහ නැමැති විත්තිකරු වසර 23ක කාලයක් ගත වුවත් අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසියට නොහැකිවීම පිළිබඳව මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා කණගාටුව පළ කළේය.

හිමිකරුවන් විදේශගතව සිටි නිවස ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථය සොරාගෙන එහි එන්ජිම කොටස් කර විකුණීමට අදාළ විත්තිකරුට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් ඔහුට නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 10000/- දඩයකටද යටත් කළ විනිසුරුවරයා එම දඩ මුදල නොගෙවන්නේ නම් අමතර මාසයක සිර දඬුවමකටද ඔහු යටත් කළේය.

චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ පොලිස් පරීක්‍ෂකවරයකු වශයෙන් කටයුතු කළ ඇල්ලගේ සුජිත් රූපසිංහ නමැත්තාටය.

2000 වසරේ කොල්ලුපිටියේදී පැමිණිල්ල නොදත් බුලත්සිංහලගේ ගුණසිංහ නැමැති පුද්ගලයා සමග එක්ව හිමිකරුවන් විදේශගතව සිටියදී කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවසක් සහිත ඉඩමකට කූට ලේඛන සැකසීම, එම නිවස සහිත ඉඩම හොර ඔප්පු සකස් කොට විකිණීම, නිවසේ තිබු මෝටර් රථය සහ රන් අභරණ සොරා ගැනීම ඇතුළු අධිචෝදනා හයක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව මෙම නඩුව පවරා තිබිණී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments