Tuesday, September 26, 2023
Google search engine
Homeව්‍යපාරිකඅප්‍රේල් නිම වන විට දළ නිල සංචිතය ඩොලර් බිලියන 2.8ට නඟී

අප්‍රේල් නිම වන විට දළ නිල සංචිතය ඩොලර් බිලියන 2.8ට නඟී

මේ වසරේ (2023) අප්‍රේල් මාසය නිමා වන විට මෙරට දළ නිල සංචිතය එ.ජ.ඩො. බිලියන 2.8 දක්වා වැඩි වී ඇත.

වසර 2022 අප්‍රේල් මාසය නිමා වන විට එය පැවතියේ එ.ජ.ඩො. බිලියන 1.8 ක් ලෙස බව මහ බැංකුව කියයි. මෙලෙස දළ නිල සංචිත ඉහළ යෑමට චීන මහජන බැංකුවෙන් ලද ඩොලර් බිලියන 1.4කට සමාන විදේශ විනිමය හුවමාරු පහසුකමද ඉවහල් වූ බවද මහබැංකුව ‘විදේශ අංශයේ ක්‍රියාකාරිත්වය 2023 අප්‍රේල්‘ මැයෙන් එළිදක්වමින් සඳහන් කර සිටී.

විනිමය අනුපාතිකය අධික ලෙස අතිප්‍රමාණය වැළැක්වීම සහ සංචිත වැඩි කිරීම සඳහා මහ බැංකුව දේශීය-විදේශීය විනිමය වෙළෙඳපොළට මැදිහත් විය. ඒ අනුව 2023 අප්‍රේල් මාසයේ මේ විනිමය වෙළෙඳපොළින් එ.ජ.ඩො. මිලියන 148ක් මහ බැංකුව මිල දී ගෙන ඇත. මේ නිසා අප්‍රේල් මාසය අවසන් වන විට ද්‍රවශීල සංචිතවල කැපී පෙනෙන වර්ධනයක් ඇති විය.

මෙලෙස මහ බැංකුව විසින් මේ වසරේ (2023) ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලපරිච්ඡේදය තුළ එ.ජ.ඩො. මිලියන 1,235ක් මිල දී ගත් බවද මහ බැංකුව කියයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments