කඩවත ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකින් රුපියල්10,000 මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් බව කියන හිටපු පොලිස් පරීක්ෂකවරටයෙක් අල්ලස් හෝ දුෂණ දූෂණ විමර්ශන දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සම්බාහන මධ්‍යස්ථානයේ කටයුතු බාධාවකින් තොරව දිගටම කරගෙන යෑමට කඩවත පොලිසියේ රාජකාරි කරන පොලිස් පරීක්ෂකවරයකට කියා ඔහුගේ සහාය ලබාදිය හැකි යැයි කියා සම්භාහන මධ්‍යස්ථාන කළමනාකරුගෙන් මෙම මුදල ඉල්ලා ඇතැයි කොමිසමේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
සම්බාහන මධ්‍යස්ථානයේ කළමනාකාරවරයා මේ බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කර ඇත.
කළමනාකාරවරයා කළ පැමිණිල්ල අනුව කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් කඩවත ප්‍රදේශයේ වැටලීමක් සිදුකර මෝටර් රථක් තුළදී කළමනාකාර වරයාගෙන් හිටපු පොලිස් පරීක්ෂකවරයා අදාළ මුදල අල්ලස් වශයෙන් ලබා ගැනීමේදී සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි එම කොමිසම පවසයි.
අත්අඩංගුවට ගත් මෙම සැකකාරඩපොලිස් පරීක්ෂකවරයා සපුගස්කන්ද පොලිසියේ රාජකාරියේ නිරතව සිටියදී රාජකාරියට වාර්තා නොකර සිටීම නිසා පසුගිය අප්‍රේල් මස 21 වෙනිදා සිට සේවය අතහැර ගියා සේ සළකා සිටි අයෙක් යැයි දපොලිසිය පවසයි.
අඩංගුවට ගත් සැකකාර හිටපු පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් කොමිසමේ විමර්ශන නිලධාරීන් තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.