Wednesday, September 27, 2023
Google search engine
Homeව්‍යපාරිකඉන්දියාවේ දුම්රිය අනතුරින් මියගිය ගණන 200 ඉක්මවයි

ඉන්දියාවේ දුම්රිය අනතුරින් මියගිය ගණන 200 ඉක්මවයි

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ දුම්රිය 3ක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 200 ඉක්මවා ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනතුරින් තවත් පුද්ගලයින් 900 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි. 

ඊයේ රාත්‍රී 7.00 ට පමණ බැංගලෝරයේ සිට පැමිණි ශීඝ්‍රගාමී මගී ප්‍රවාහන දුම්රියක් පීලි පැනීමෙන් අනතුරට ලක්විය.

එම අවස්ථාවේදී දුම්රියේ මැදිරි කිහිපයක් අසල රේල් මාර්ගයක ගමන් කළ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ද ගැටී ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

පසුව කොල්කටාවේ සිට පැමිණි තවත් ශීඝ්‍රගාමී මගී ප්‍රවාහන දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබූ දුම්රියේ ගැටී ඇත.

අනතුරින් දුම්රිය මැදිරි 17කට පමණ දැඩි හානි එල්ල වී ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් වේ. 

මෙම බිහිසුණු අනතුරින් විපතට පත් පුද්ගලයින් මුදාගැනීම සඳහා සහන කණ්ඩායම් රැසකගේ මැදිහත්වීමෙන් විශේෂ ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා පැවසුවේ, විපතට පත් වූ පුද්ගලයින්ට හැකි සෑම සහනයක්ම ලබා දීමට කටයුතු කරන බවයි. 

මෙය මෑත ඉතිහාසයේ ඉන්දියාවේ සිදු වූ දරුණුතම දුම්රිය අනතුර බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments