Tuesday, September 26, 2023
Google search engine
Homeදේශීය පුවත්ටෙලිකොම් ගැන කාරක සභා වාර්තාව කුණු කූඩෙට

ටෙලිකොම් ගැන කාරක සභා වාර්තාව කුණු කූඩෙට

ශ්‍රී ලංකා ටෙලිකොම් විකිණීම අනුමත නොකරන බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කළ නිර්දේශය පිළි නොගැනීමට රජය තීරණය කර තිබේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් විකිණීම ජාතික ආරක්ෂාවට ගැටළුවක් බැවින් එය අනුමත නොකරන බවට එම වාර්තාවෙන් නිර්දේශ කර ඇති බවට පාර්ලිමේන්තුව හමුවේ අද (09) සඳහන් කළේය.

ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමට රජය ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයක් ගෙන තිබියදී මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව රජය කිසිසේත් පිළිනොගන්නා බව ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් ප්‍රකාශ කළේය.

ඒ තත්ත්වය යටතේ ආංශික අධික්ෂණ කාරක සභාව විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය නොකරන ලෙස කළ යෝජනාව රජය ඉවත දමනු ඇති බව එම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාවේ පිටපතක් අද (09) දිනම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යැවීමට ද ආණ්ඩු පක්ෂ කාර්යාලය පියවර ගෙන තිබිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments