දින ගණනාවක් පුරා අමෙරිකාවේ නගර රැසකට බලපා ඇති වායු දූෂණය හේතුවෙන් නගරවාසීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මීට සති කිහිපයකට පෙර ආරම්භ වූ කැනඩාවේ ළැව් ගිනි තත්ත්වය මීට හේතු වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
අමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරයේ සිට රට ඇතුළට විහිදී ගොස් ඇති මේ දුමාරය හේතුවෙන් සිදු වූ වායු දූෂණය මත කොවිඩ් වසංගතය කාල සීමාවේදී මෙන් මුහුණු ආවරණ පලඳින ලෙස දැනටමත් රජය මගින් ජනතාවට උපදෙස් සපයා ඇත.
ළැව්ගිනි හේතුවෙන් වරින් වර දුෂ්කරතාවට මුහුණ දෙන කැලිෆෝනියා වැනි බටහිර වෙරළ ප්‍රාන්තවලට අමතරව සෙසු නගරවලට ඉතා දුර්ලභ මේ වායු දූෂණය නගරවාසීන් දැඩි අපහසුතාවට පත් කර ඇතැයි වාර්තා වේ.