Wednesday, September 27, 2023
Google search engine
Homeව්‍යපාරිකසාපෙළ දරුවන්ගේ කැත වැඩේට මව්පියෝ වන්දි ගෙවති

සාපෙළ දරුවන්ගේ කැත වැඩේට මව්පියෝ වන්දි ගෙවති

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූදා දිඹුලාගල මගුල්දමන මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් එම විද්‍යාලයේ දේපළවලට සිදුකළ අලාභහානිය වෙනුවෙන් වන්දි ගෙවීමට ඔවුන්ගේ මවුපියන් විදුහල්පතිවරයා ඉදිරියේ පොරොන්දු වූ බව මනම්පිටිය පොලිසිය කියයි,

මඟුල්දමන මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා මේ පිළිබඳ පොලිසියට සිදුකළ පැමිණිල්ලෙන් පසු විද්‍යාලයේ දේපළවලට හානිකෙරු සිසුන් හය දෙනෙකු සහ ඔවුන්ගේ මව්පියන් පොලිසියට කැඳවා අවවාද කිරීමෙන් පසු සිසුන්ගේ මව්පියන් දරුවන් විනාශ කරන ලද පොදු දේපොළ 12 වැනිදාට පෙර නැවත තිබූ පරිදිම සකස්කර දීමට පොරොන්දු වූ බවද මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමෙන් අනතුරුව එම විද්‍යාලයේ සිසුන් හය දෙනෙකුගේ කණ්ඩායමක් විද්‍යාලයේ පන්ති කාමරවල තිබූ උපකරණ, විදුලි පංකා, මෙන්ම විද්‍යාලයේ වැසිකිලිවල දොරවල් කඩා දේපල රැසක් විනාශ කිරිම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා මනම්පිටිය පොලිසියට පැමිණිලි කර තිබේ,

අනතුරුව අදාල සිසුන් සහ ඔවුන්ගේ මව්පියන් මනම්පිටිය පොලිසියට කැඳවා සිසුන්  විනාශ කර දැමූ සියලු පොදු දේපල තිබූ පරිදිම සකස් කරවීමට මවුපියන්ට මනම්පිටිය පොලිසිය විසින් උපදෙස් ලබාදී තිබෙන අතර එසේ නොකළහොත් පොදු දේපල විනාශ කිරීම යටතේ නඩු පැවරීමට කටයුතු කරන බවද පොලිසිය මව්පියන්ට දන්වා තිබේ,

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments