Tuesday, September 26, 2023
Google search engine
Homeදේශීය පුවත්ක්‍රීඩාලෝක ටෙස්ට් කිරුල ඕස්ට්‍රේලියාට

ලෝක ටෙස්ට් කිරුල ඕස්ට්‍රේලියාට

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවති ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 209කින් ජය ගත්තේය.

කසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව සියලුදෙනා දැවී ලකුණු 469ක් ලබාගත් අතර පිළිතුරු වශයෙන් ඉන්දීය කණ්ඩායම පලමු ඉනිමට සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 296කි.

දෙවන ඉනිම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 270ක් ලබා සිටියදී ඉන්දියාවට පන්දුවට පහරදීමේ අවස්ථාව ලබාදුන් අතර ඒ අනුව ඉන්දීය කණ්ඩායම සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 234කි.

ඒ අනුව ලකුණු 209කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments