ඉදිරි තෙමස තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා සම්පූර්ණ කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතා 62 කින්, 25 ක් ඉටුකර ඇති බවයි.
ඒ සඳහා මහ බැංකුව විසින් කමිටුවක් ද පත්කර තිබේ.
අමාත්‍යවරයා සඳහන් කළේ ඒ යටතේ ක්‍රියාකාරී සැලැස්ම, කාලරාමුවක් සමග ඉදිරියට ගමන් කරමින් පවතින බවයි.
ඒ අනුව ලබන සැප්තැම්බර් මාසය වනවිට අදාළ ඉලක්ක කරා ගමන් කළ හැකි වනු ඇතැයි අමාත්‍යවරයා පැවසුවේ ය.