නැවතත් වාහන ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්නැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.
සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා සඳහන් කරන්නේ ජපානයෙන් ණය පදනම මත ශ්‍රී ලංකාවට වාහන ලබා ගැනීමේ හැකියාව ඇති බවයි.
එම ක්‍රමය යටතේ වාහන ගෙන්වීමේදී ශ්‍රී ලංකාවේ සංචිත වලින් වියදම් කිරීමට අවශ්‍ය නොවන බවත් හෙතෙම පැවසීය.
අලුත් වාහනයක් දැනට පවතින මිලට වඩා සියයට හැත්තෑවක් අඩුවෙන් ගෙන්විය හැකි බවද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරන්නේ ඩොලරය 78% කින් අධි ප්‍රමාණය වී 20% කින් අවප්‍රමාණය වී ඇති තත්ත්වයක් තුළ වාහන ආනයනය සම්බන්ධයෙන් යළිත් ගැඹුරින් අධ්‍යයනය කළ යුතුව ඇති බවයි.