Tuesday, September 26, 2023
Google search engine
Homeදේශීය පුවත්කාන්තාවන්ටත් රාත්‍රී සේවා මුර..!

කාන්තාවන්ටත් රාත්‍රී සේවා මුර..!

කාන්තාවන් රාත්‍රී සේවාමුර රාජකාරීවල නියැලීම විධිමත් ක්‍රමවේදයකට යටත්ව ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

ගාල්ල ප්‍රදේශයේ දි මාධ්‍ය වෙත අදහස් දක්වමින් කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා,

“කාන්තාවන් දැනටත් රාත්‍රී සේවාමුරවල යෙදෙනවා නොයෙක් නොයෙක් ක්ෂේත්‍රයන්වල. හැබැයි සමහර කාන්තාවන් ක්ෂේත්‍රවල නිරතවීමට විරුද්ධවෙන්නේ නූතන ලෝකේ තේරෙන්නේ නැති අය. ඉතින් ඒ සමහර අයට නෙමෙයි. කාන්තාවෝ අද ඉල්ලනවා රෑට වැඩකරන්න ඉඩදෙන්නේ කියල. ඒක කාන්තාවන්ගේ ඉල්ලීමක්. ඒ අයගේ අයිතිය ආරක්ෂා කිරීමක්, අපි ඒක ලබාදෙනවා වගේම ඒ සඳහා වුවමනා කරන පහසුකම්, ප්‍රවාහන පහසුකම් ඒ වගේම ඒ අයගේ ආරක්ෂාව පිළිබඳව සම්පූර්ණ පහසුකම් අපි ලබාදෙනවා මිසක්. වැඩපළේදීවත් කොයිම තැනකදීවත් කාන්තාවකට අපහසුතාවයකට පත්වෙන්න ඉඩනොදී ඒ අය ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙල අපි සකස් කරලා තියෙනවා. ඒ වගේම හැම තැනකම දිවා සුරැකුම් මධ්‍යස්ථාන හදලා. කාන්තාවන් වැඩට යද්දී දරුවන් බලාගැනීමේ වැඩසටහන හදනවා. අද දවසේ බුද්ධිමත් කාන්තාවන් ගෙවල්වලට වෙලා වැඩට යන්නේ නැතුව ඉන්නේ රස්සාවකට යන්න ආසාවක් නැතුව නෙමෙයි. මේ තියෙන අපහසුතා නිසා. ඒක නිසා ඕනෑම ලිංගිකත්වයකට සමානාත්මතාව අපි ලබාදෙනවා. “

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments