ගෘහ මූලික ලැයිස්තුව ඇතුළු පවූල් තොරතුරු ඩිජිටල් කිරීමට අදාල දත්ත එක්රැස් කිරීම් ආරම්භ කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියා සිටියේය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය එක්ව සංවිධානය කරනු ලබන උප්පැන්න, විවාහ සහ මරණ සහතික නොමැති පුද්ගලයන්ට අදාල සහතික ලබාදීමේ විශේෂ ජංගම සේවාවට 2023.06.17 දින එක්වෙමින්.