Tuesday, September 26, 2023
Google search engine
Homeදේශීය පුවත්ක්‍රීඩා2023 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය: ලංකාවේ පළමු කඩඉම අද

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය: ලංකාවේ පළමු කඩඉම අද

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරඟය එක්සත් අරාබී එමීර් කණ්ඩායමට සමඟ අද (19) පැවැත්වීමට නියමිතව තිබේ.

බී කාණ්ඩය යටතේ බුලවායෝ හි පැවැත්වෙන තරඟය මෙරට වේලාවන් පස්වරු 12.30ට ආරම්භ වීමට නියමිතය.

එමෙන්ම අයර්ලන්ත කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර තරඟය ද අද පැවැත්වීමට නියමිත බව සඳහන්ය.

සිම්බාබ්වේ හි පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ මෙවර තරග වටය සඳහා කාණ්ඩ 02ක් යටතේ කණ්ඩායම් 10ක් ඉදිරිපත්ව සිටින අතර එහි තරග ජූලි මස 09 වනදා දක්වා පැවැත්වෙනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments