වර්තමාන සමාජය තුළ ජීවත්වන මිනිසාට මාධ්‍යයෙන් තොර පැවැත්මක් පිළිබඳව සිතීමට දුෂ්කරය.ඒ තරමට මිනිස් ජීවිතයේ සියලුම අංශ මෙන්ම පොදු මුළු සමාජයේ සෑම අංශයක් කරාම මාධ්‍යයන්ගේ බලපෑම වර්ධනය වී ඇත.
මේ තත්වය තුළ මාධ්‍ය විචාරයකින් තොරව කටයුතු කරන විටදී අපට නොදැනීම අප යොමු වන්නේ අවිචාරවත් ජීවිතයකටය.
පසුගිය කාලයේ වඳ කොත්තු, වඳ බ්ලෙශියර්,වඳ සැත්කම්,කැලණි ගඟින් ගොඩ ආ නාගයෝ, මෙරට දේශපාලන බලය ලැබිය යුත්තේ කුමණ පාර්ශවයට දැයි තීරණය කලහ.එහි වගකිවයුත්තෝ අපේ රටේ මාධ්‍ය ආයතයන්ය.
එයින් පැණ නැගුණ ගැටලු මෙරට ජනතාවට තවත් වර්ශ ගණනාවක් යන විටත් ගෙවීමට සිදුව ඇත.
ලෝකයේ දියුණු බොහෝ රටවල මාධ්‍ය සඳහා නීති අණපනත් නිර්මාණය වී තිබුණ ද තවම අප රට තුල එවැනි තත්ත්වයක් නිර්මාණය වී නැත.
ඉහත කී තත්ත්වයන් තුළ වර්තමාන රජය ගෙන යනු ලබන වැඩපිළිවෙළ යටතේ විකාශන නියාමන කොමිසම පිහිටුවීම සදහා මූලික කෙටුම්පතක් සකස් කිරීම සඳහා යෝජනාවලියක් සකස් කර ඇත.
ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට සියලු මාධ්‍ය ආයතන සඳහා ඉඩ ප්‍රස්ථාව වෙන්කර ඇත ඒ සඳහා මාස 3ක කාලයක් ද ලබා දී ඇත.
මෙසේ ඉඩ ප්‍රස්ථාව සලසා තිබියදීත් සමගි ජන බලවේගය,විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් සහ හැමදේටම 1st කියාගන්නා නාලිකා මේ ඉදිරිපත්ව ඇත්තේ පනත් කෙටුම්පතක් බව කියමින් ජනතාව මෙවර ද ගොනාට අන්දමින් සිටී.
ඔවුන් මේ ඉදිරිපත්ව ඇත්තේ පනත් කෙටුම්පතක් නොව කෙටුම්පත් සකස් කිරීම සඳහා යෝජනාවලියක් බව දැන දැනම ජනතාව ගොනාට අන්දමින් සිටී
එය කැලණියේ නාගරාජයාට,වඳ සැත්කම්,වඳ කොත්තු වලටත් එහා ගිය නරක පූර්වාදර්ශයකි.
මාධ්‍යයෙහි ප්‍රධානම වගකීම විය යුත්තේ ජනතාවට සත්‍ය වාර්තා කිරීමයි.
ලෝකයේ මාධ්‍ය භාවිතය ගත් කළ ඇතැම් රටවල මාධ්‍ය කටයුතු කළ යුතු ආකාරය ඉතා විධිමත්ව කරුණු ලෙස සඳහන් කර ඇත.
එමඟින් ඒ රටවල මිනිසුන්ට සත්‍ය කරුණු දැන ගැනීමට හැකියාව ලැබී ඇත.
ඇතැම් රටවල විකාශන කාලයේ යම් ප්‍රතිශතයක් ජනතාව වෙනුවෙන්ම වෙන් කර ඇත.විකාශන කාලය තුළ මාධ්‍ය ආයතන සඳහා සිතූ සිතූ ලෙස වෙළඳ දැන්වීම් ප්‍රචාරය කළ නොහැක. ළමුන් සම්බන්ධව මාධ්‍ය කටයුතු කළ යුතු ආකාරය වෙනම සඳහන් කර ඇත.
තහවුරු නොවූ කාරණා වාර්තා කල නොහැක,නීතියෙන් තහවුරු වනතුරු පුද්ලයන් වැරදිකරුවන් ලෙස හැදින්විය නොහැක.පුද්ගලයෙකුගේ ජාතිය, වර්ණය, ආගම, ලිංගභේදය වාර්තා කල නොහැක.
ඉහත සඳහන් කර ඇත්තේ කාරණා කිහිපයක් පමණි. මේවා ඇහෙන විට අපේ රටේ සියලු මාධ්‍ය ආයතන වසා දැමිය යුතු යැයි ඔබට සිතෙනු ඇත.
පසුගිය කාලයේ ළමුන්ට සිදු කල අපචාර කලුතර ප්‍රදේශයේ තරුණියට අත්වූ ඉරණම ඔවුන්ගේ ඡායාරූප යොදා ගෙන ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය අපේ රටේ මාධ්‍ය රසකර කර ප්‍රචාරය කරන්නට විය.
ලංකාවේ අපට එය එතරම් කාරණයක් නො වුවද මාධ්‍ය සදාචාරයක් ඇති රටක මිනිසුන් අපේ රටේ මාධ්‍ය දෙස බලන්නේ ඉතා පිළිකුල් සහගත ලෙසය.
(නිහජ)