හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා ලන්ඩනයේ මහ කොමසාරිස්වරයා ලෙස පත්කර තිබේ.
ඒ, ලබන අගෝස්තු පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ය.
අදාළ නව පත්කිරීම ජනාධිපති කාර්යාලය විසින් තහවුරු කළේ ය.
රෝහිත බෝගොල්ලාගම මහතා මීට පෙර නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කර තිබේ.