Wednesday, September 27, 2023
Google search engine
Homeදේශීය පුවත්විකාශන නියාමන පනතේ පළමු අරමුණ භාෂණයේ නිදහස රැකීමයි - ඇමති මනූෂ

විකාශන නියාමන පනතේ පළමු අරමුණ භාෂණයේ නිදහස රැකීමයි – ඇමති මනූෂ

ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයෙන් විදේශ රැකියා කේෂ්ත්‍රය මුදා ගැනීමට සමස්ත විදේශ සේවා කේෂ්ත්‍රයම ඩිජිටල්කරණයට ලක් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය. 

එසේම විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සිදුවන අනවශ්‍ය අතපෙවීම් වලක්වා ගැනීමටත්, නීතිවිරෝධී ක්‍රියා නතර කිරීමටත් මෙමඟින් හැකියාව ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මුදල් අමාත්‍යාංශය මේ සඳහා වූ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කමිටුවක් පත් කර ඇති බව හෙතෙම පැවසීය. 

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (20) ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා එම අදහස් පළ කළේය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පසුගිය කාලය පුරාම නීතිවිරෝධී ක්‍රියාකාරකම් වල නිරත වූ විදේශ රැකියා ආයතන විශාල ප්‍රමාණයක් තහනම් කළ බවයි.

රජයට මාධ්‍ය පාලනය කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි ද  විකාශන අධිකාරී පනතේ මුඛ්‍ය පරමාර්ථ පහක් හෝ හයක් තිබෙන අතර එහි පළමුවෙන්ම තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි භාෂණයේ නිදහස ආරක්ෂා කිරීමයැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments