ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (21)” ස්ථාවර රටකට සැවොම එක මගකට” සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළේ ය.
ජනාධිපතිතුමා මේ අභියෝගය බාරගත්තා වගේ තමයි මම මේ අමාත්‍යාංශය භාර ගන්න කොටත් ලංකාවේ වැඩිම පඹයන් ප්‍රමාණයක් පුච්චපු අමාත්‍යවරයෙක් ඉන්නවනං ඒ තමයි කෘෂිකර්ම අමාත්‍යවරයා. අභියෝග භාර අරගෙන, මම මීට පෙරත් කටයුතු කරපු අමාත්‍යවරයෙක්.
ජනාධිපති වරයාගේ ආශිර්වාදය යටතේ අපිට පුළුවන් වුණා.පසුගිය යල කන්නයේ දී ගොවි ජනතාව වගාවට පොළඹවන්න අවශ්‍ය පියවර ගන්න.
මීට අමතරව අමාත්‍ය මණ්ඩලයේ අනුදැනුම මත අපි බලාපොරොත්තු වෙනවා පොහොර ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න.
ගොවි ජනතාවට බලපාපු ප්‍රශ්න එකෙන් එක විසඳමින්. අපි ඔවුන්ට අවශ්‍ය සහන ලබා දෙන්න කටයුතු කළා.
ඒකෙ ප්‍රතිඵලය විදියට අද අපිට සාර්ථක වී අස්වැන්නක් ලැබෙමින් පවතිනවා.
ඒක පහසු ගමනක් වුණේ නෑ . අපිත් මුලින්ම පෝහොර ගෙනාපු වෙලාවේ සමහරු කිව්වා. ඔය ගෙනාවේ බාල පොහොර කියලා. වෙන කවුරුවත් නෙවෙයි ඒක කිව්වෙ පක්ෂ නායක වරු. දෙවනුව කිව්වා ප්‍රමාණවත් තරම් පොහොර නැහැ කියලා.තුන්වෙනි චෝදනාව තමයි ගෙනාපු පොහොර වල නියමිත බර නෑ කියන එක. පසුව අපි පොහොර කිරලා දෙන්න පටන් ගත්තට පස්සේ ඒක හැමෝටම පිළිගන්න සිද්ධ වුණා. මම ළඟ මේ සියලුම මාධ්‍ය වාර්තා තියෙනවා. මේවා කිව්වේ දේශපාලනයට සම්බන්ධ පිරිස නැත්නම් සාමාන්‍ය ජනතාවට නෙවෙයි.
කුමන අභියෝග තිබ්බත් අපේ ගොවි ජනතාව නැවත වගා බිම් වලට ගිහිල්ලා අපේ ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තබලා වගා කටයුතු වලට නැවත ප්‍රවේශ වුණා. එහි ප්‍රතිඵල දැන් එන්න පටන් අරගෙන තියෙනවා. ඒ නිසා පසුගිය මාර්තු මාසේ සාර්ථක වී ඇස්වැන්නක් අපිට ලැබිලා තියෙනවා.
මේ යළ කන්නේ අවශ්‍ය සියලුම පොහොර ප්‍රමාණයන් අපි ලබාදීලා තියෙන්නේ. මඩ පොහොර සහ ටී.එස්.පී පොහොර අපි නොමිලේම ලබා දෙනවා.
ඒ වගේම යූරියා පොහොර තවත් මිල අඩුකරලා රුපියල් 9000ට ලබා දෙන කටයුතු කරලා තියෙනවා.
ඒ වගේම බන්ඩි පොහොර රුපියල් 4500 ක් අඩු කරල ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම වවුචර පත් ලබා දීලා තියෙනවා. හෙක්ටයාරයක් නම් රුපියල් 20 000ක් ලෙසත්.හෙක්ටෙයාර දෙකක් නම් නම් රුපියල් 40 000ක් විදියට.
තවත් විදිහකට කිව්වොත් මේ පාර මඩ පොහොරත් නොමිලේ, මේ වවුචරය පාවිච්චි කරාම බන්ඩි පොහොරත් නොමිලේ.
ඒ දෙකම අරගෙන තව මුදලක් ඉතුරු වෙනවා. අවශ්‍ය නම් එකෙන් එකෙන් යූරිය ගන්නත් පුළුවන්. නැතිනම් කාබනික පොහොර ගැනීමේ හැකියාවක් තියෙනවා.
ඒ ලබාදෙන බව වවුචර්පත් පිළිබඳව එක ගොවි සමිතියක් චෝදනා කරලා තිබ්බා. මේවා රටින් හම්බ වෙන දේවල් කියලා. නමුත් මම වගකීමෙන් කියනවා. මේවා මම, කැබිනට් පත්‍රිකා දාලා, අමාත්‍යමණ්ඩලය අනුදැනුමෙන් ජනාධිපති තුමාගේ අනුදැනුම මත ලබා දීපු වවුචර්පත් කියලා.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමිය පවසන විදියට මීළඟ කන්නයේදී
කහ ලෙඩ පැමිණීමේ අවදානමක් තිබෙන නිසා ලෙඩ පැමිණීමේ අවදානමක් තිබෙන නිසා අනිවාර්යෙන්ම බන්ඩි පොහොර පාවිච්චි කරන්න.
ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ, මේ වව්චරපතෙන් බන්ඩි පොහොරම ලබා ගනී කියලා. ඒ නිසා මම ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. වගාවට අනිත් පොහොර යොදනවා වගේම බන්ඩි පොහොර නැත්නම් එම්. ඕ. පී අනිවාර්යෙන්ම යොදන්න ඒකෙන් ලෙඩවල් අඩු කරගන්න පුලුවන් වෙනවා වගේම අස්වැන්න වැඩිකර ගන්නත් පුළුවන්.
පසුගිය කන්නේ වාර්තාගත වී අස්වැන්නක් ලබා ගොවීන් ඉන්නවා. එයා අයගේ අත්දැකීම් ඉතාමත් වැදගත්. අම්බලන්තොට ප්‍රදේශයේ හෙක්ටයාර එකකින් 11 000kg ලබාගත් ලබා ගත් ගොවි මහත්වරුන් තුන් දෙනෙක් ඉන්නවා. 10000kg ලබාගත් ගොවි මහත්මයෙක් ඉන්නවා. නමුත් අපි සමස්ත ඇවරේජ් එක විදිහට ගන්නේ 3.3 යි.
අපේ ඉලක්කය තිබුණේ ඕක 4500kg ට වැඩි කරගන්න එක.එහෙම තියන තත්ත්වයක් තුළ එකොළොස් දහසක් ගත්තෙ කොහොමද කියන එක සම්බන්ධව අපි සොයල බැලුවා. ඔවුන් නවීන තාක්ෂණය අරගෙන තියෙනවා වගාවන් වලට. පැරෂුට් ක්‍රමය, අවශ්‍ය ප්‍රමාණයට රසායනික පොහොර,කාබනික පොහොර ඇතුළු සියලු ක්‍රම උපයෝගී කරගෙන තමයි මේ අස්වැන්න අරගෙන තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා අනාගතයේ දී ගොවි ජනතාව ඒ ක්‍රමවේදයන් වලට යොමු කරන්න.
රටින් හාල් ඇටයක් වත් ගේන්නෙ නැතුව අපේ රටේ ජනතාවට අවශ්‍ය බත සපයලා විදේශ විනිමය උපයන අමාත්‍යාංශයක් බවට පත්වෙන එක තමයි අපේ අරමුණ.

