Wednesday, September 27, 2023
Google search engine
Homeදේශීය පුවත්ඉදිරි දීර්ඝ නිවාඩුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමටයි

ඉදිරි දීර්ඝ නිවාඩුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමටයි

රජය සහ මුදල් අමාත්‍යංශය සාකච්ඡා කර මේ මස 30 වැනිදා බැංකු නිවාඩුවක් බවට පත්කරමින් දීර්ඝ නිවාඩුවක් නිර්මාණය කිරීමට හේතුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණයෙන් අවසන් කිරීමට අවශ්‍ය කාලය ලබාගැනීම බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතනවල ජනතාවගේ තැන්පත් මුදල්වට හෝ පොලියට කිසිඳු හානියක් නොවන්නේ යැයි සහතික වන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (25) පැවසීය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා යම්කිසි කාලයක් අවශ්‍ය වන බව කී මහ බැංකු අධිපතිවරයා ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම, පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව ඇතුළු අනුකුත් කමිටුවල සාකච්ඡා කිරීමට සහ පාර්ලිමේන්තුවේ විවාද කිරීමට කාලය අවශ්‍ය බව ද සඳහන් කළේය.

බැංකු නිවාඩුවක් දී තිබුණ ද සමාන්‍ය නිවාඩු දිනයකදී ක්‍රියාත්මක වන ඒ.ටී.එම්. බැංකු කටයුතු සහ අන්තර්ජාල බැංකු කටයුතු ඇතුළු සියලුම මුදල් හුවමාරු කිරීම්වලට බාධාවක් නොමැති බවත් සියලුම අත්‍යවශ්‍ය බැංකු කටයුතුවලට කිසිඳු බාධාවක් නොමැති බවත් වීරසිංහ මහතා කීය. මුදල් අමාත්‍යංශය කළ සාකච්ඡා අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් අදියරට පැමිණ ඇති බව ද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩි දුරටත් පැවසීය.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අද (25) පස්වරුවේ එසේ පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments