Tuesday, September 26, 2023
Google search engine
Homeදේශීය පුවත්රේගුවෙන් මන්ත්‍රී අලිසබ්‍රි රහීම් ගැන, කතානායකට වාර්තාවක්

රේගුවෙන් මන්ත්‍රී අලිසබ්‍රි රහීම් ගැන, කතානායකට වාර්තාවක්

රුපියල් කෝටි අටක් පමණ වටිනා රත්රන් සහ ජංගම දුරකතන ඩුබායි රාජ්‍යයේ සිට නීති විරෝධීව  රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් වැරදිකරුවී දඩයක් නියම කෙරුණු  පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්‍රි රහීම්  සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව සම්පූර්ණ වාර්තාවක් ලබාදී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පැවසීයි.

එම වාර්තාව මීළඟ පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කර තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවද  ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා රේගුව මෙම වාර්තාව ලබාදී ඇත්තේ කතානායකවරයා කළ ඉල්ලීමක් අනුවය.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙසට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කළ ඉල්ලීමට රහීම්  මන්ත්‍රීවරයා මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතැයි වාර්තා වේ.

කතානායකවරයා නිදහසට කරුණු ඉදිරිපත් කරන්නැයි රහීම් මන්ත්‍රීවරයාට  පසුගියදා  දැනුම් දුන්නේ  ලිපියක් යොමු කරමිනි.

මෙයට අමතරව ඒ සම්බන්ධයෙන් ඔහුට “වට්ස් අප්” පණිවිඩයක්ද යොමු කරන  ලදැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

නීති විරෝධීව රත්රන් තොගයක් ගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් රහීම් මන්ත්‍රීවරයා රේගු පරීක්ෂණයෙන් අනතුරුව රුපියල් ලක්ෂ 70 ක දඩ මුදලක් මත මුදාහරිනු ලැබීය.

මේ අතර  මෙම සිද්ධියෙන් පාර්ලි මේන්තුවට සිදුවූ කැලල සැලකිල්ලට ගෙන  රහීම් මන්ත්‍රීවරයාට මැතිසබය පැත්තෙන් කිසියම් හෝ පියවරක් ගත යුතු බව පක්ෂ නායකයෝ රැසක් කතානායකවරයාගෙන් දිගින් දිගටම ඉල්ලා සිටිති.

අලි සබ්රි රහීම්  මන්ත්‍රීවරයා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාවට පක්ෂව ඉකුත් 1 වැනිදා  ඡන්දය පාවිච්චි කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments