ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 200 කින් පමණ අඩු කිරීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් හෙට (4) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු වන බවත් අඩු කරන මුදල හෙට පෙරවරුවේ නිවේදනය කරන බවත් එම නිලධාරියා කීය.
ඒ අනුව ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 3,000 ට වඩා අඩුවනු ඇති බව කී එම නිලධාරියා කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක සහ කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල ද මෙයට සමගාමීව අඩුවනු ඇති බව ද සඳහන් කළේය.
ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 3,186 ක්, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1,281 ක් සහ කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 598 ක් ලෙස මේ වන විට පවතී.