Tuesday, September 26, 2023
Google search engine
Homeවිදෙස් පුවත්රූගත කිරීමක් අතරතුරදී සිදු වූ අනතුරක් හේතුවෙන් ශාරුක් ඛාන්ට ශල්‍ය කර්මයක්

රූගත කිරීමක් අතරතුරදී සිදු වූ අනතුරක් හේතුවෙන් ශාරුක් ඛාන්ට ශල්‍ය කර්මයක්

ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර ප්‍රසිද්ධ නොකළ ව්‍යාපෘතියක දර්ශන තලයක සිදුකල රූගත කිරීමක් අතරතුරදී සිදු වූ අනතුරක් හේතුවෙන්  සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ට සුළු ශල්‍ය කර්මයක් සිදු කර තිබේ.

අනතුරට ලක්වීමෙන් පසු ශාරුක් ඛාන්ගේ නාසයෙන් ලේ ගැලීමක් සිදු වූ බවත් එම අවස්ථාවේදී කාර්ය මණ්ඩලය වහාම ක්‍රියාත්මක වී ඔහුව ලොස් ඇන්ජලීස් නුවර රෝහලකට රැගෙන ගිය බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ශාරුක් ඛාන්ගේ නාසයට සුළු ශල්‍ය කර්මයක් සිදු කළ බව ආරංචි මාර්ග පවසා තිබේ.

කෙසේ වෙතත් අනතුර සිදු වූ අයුරු හෝ ව්‍යාපෘතිය පිළිබඳ වැඩිදුර තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කර නොමැත.ශල්‍ය කර්මයෙන් පසුව ශාරුක් ඛාන් විවේක ගැනීම සඳහා නැවතත් ඉන්දියාවට පැමිණ ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments