ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවට නව සභාපතිවරයෙක් පත්කිරීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබේ.
එහි ප්‍රධානියා ලෙස පත්කර ඇත්තේ ඉන්දීය කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නෙක් වන අජිත් අගාර්කාර් ය.
තේරීම් කමිටු සභාපති ලෙස කටයුතු කළ චේටාන් ශර්මා පසුගිය පෙබරවාරි මාසයේදී එම තනතුරෙන් ඉල්ලා අස්විය.
45 හවිර්දී අගාර්කාර්, ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 26කට සහ එක්දින තරග 191කට ක්‍රීඩාකර තිබේ.
ශිව් සුන්දර් දාස්, සලීල් අන්කොලා, සුබ්‍රොටෝ බැනර්ජි සහ එස් ශාරත් ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ අනෙක් සාමාජිකයින් ය.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල ව්‍යවස්ථාවට අනුව තේරීම් කමිටුවේ සිටින ජ්‍යෙෂ්ඨතම සාමාජිකයා එහි සභාපති ලෙස කටයුතු කළ යුතුය.
අගෝස්තු 03 වනදා ආරම්භවන ඉන්දීය – බටහිර ඉන්දීය කොදෙව් 20/20 තරගාවලිය සඳහා කණ්ඩායම නම් කිරීම ඔහුගේ පළමු වගකීම වෙයි.