Tuesday, September 26, 2023
Google search engine
Homeව්‍යපාරිකහෙරළියාවල කර්මාන්තපුරයේ ගින්නක්

හෙරළියාවල කර්මාන්තපුරයේ ගින්නක්

කුරුණෑගල හෙරළියාවල කර්මාන්තපුරයේ පවත්වාගෙන යන කම්හල් තුනක් ඊයේ (4) පස්වරුවේ හටගත් ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබෙන බව කුරුණෑගල මූලස්ථාන පොලීසිය පවසයි.

පින්තූර රාමු නිපදවන කම්හලක් සමඟ පාවහන් නිෂ්පාදන සහ රෙදි නිෂ්පාදන කම්හලක් මෙම ගින්නෙන් විනාශයට පත්ව ඇත.

එකිනෙකට යාව පිහිටි කම්හල් තුනක් මෙලෙස ගින්නට හසුව තිබෙන අතර පින්තූර රාමු නිපදවන කම්හලෙන් ගින්න හටගෙන ඇති බවට සැක කරයි. ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැති බවද කියයි.

කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සමඟ කුරුණෑගල මූලස්ථාන පොලීසිය හා හෙරළියාවල යුද හමුදා කඳවුරේ සාමාජිකයන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට උත්සාහ දරා ඇතත් කම්හල් තුළ තිබූ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ගින්න සීග්‍රයෙන් පැතිර ගොස් ඇත. හෙරළියාවල කර්මාන්තපුරය වයඹ කර්මාන්ත සේවා කාර්යාංශය යටතේ පාලනය වේ.

කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්ම චන්නක කොබ්බෑවල මහතාගේ උපදෙස් අනුව පරීක්ෂණ සිදු කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments