Tuesday, September 26, 2023
Google search engine
Homeදේශීය පුවත්ගණ දෙවියන් බලා ඉද්දී පඩුරු පෙට්ටිය සොරු ගෙනයයි

ගණ දෙවියන් බලා ඉද්දී පඩුරු පෙට්ටිය සොරු ගෙනයයි

දික්ඔය වනරාජා වත්තේ පිහිටි ගණදෙවි කොවිල තුල තිබු පඩුරු පෙට්ටිය කිසියම් පුද්ගලයෙකු විසින් (10) දින අලුයම රැගෙන ගොස් පඩුරු පෙට්ටිය තුල තිබු මුදල් රැගෙන යලිත් පිං කැටය කොවිල තුලටම ගෙනවිත් දමා ඇති බව හැටන් පොලිසිය පැවසිය.

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය වනරාජා වත්තේ ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි ගණදෙවි කොවිලට (10) දින අලුයම 1 ට පමණ පැමිණි පුද්ගලයෙකු එම කොවිලේ ඉදිරිපස යකඩ ගේට්ටුව කඩා කොවිල තුලට ඇතුල් වි පඩුරු පෙට්ටිය කොවිලෙන් ඉවතට තල්ලු කරගෙන ගොස් එහි තුල තිබු මුදල් රැගෙන ආපසු පඩුරු පෙට්ටිය කොවිල තුලටම ගෙනවිත් දමා පලා ගොස් ඇත.

පඩුරු පෙට්ටිය වසා තිබු ඉබි කඩා ඉබි කොවිලේ ඉදිරිපසින් ගලා බසින හැටන්ඔයට දමා තිබියදි හැටන් පොලිසිය විසින් සොයාගෙන ඇත.

දින 15 වතාවක් බැතිමතුන් විසින් කොවිලේ පඩුරු පෙට්ටියට දමා යන පඩුරු ඉවත් කර ගන්නා බවත්, එම කාලය තුල රු 30000 පමණ මුදලක් තිබෙන්නට ඇති බවයි එම කොවිලේ පුජකවරයා කියා සිටියේ.

කොවිල තුලට ඇතුල් වු පුද්ගලයා ආරක්ෂිත ගේට්ටුවේ ඉබි කඩා පඩුරු පෙට්ටිය රැගෙන යන අයුරු සහ ආපසු කොවිලට රැගෙන පැමිණෙන අයුරු එම කොවිලේ සවි කර ඇති ආරක්ෂිත කැමරාවේ දත්ත ගබඩාවේ පටිගත වි තිබුණි.

එම ආරක්ෂික කැමරා දර්ශන ඔස්සේ කොවිලට ඇතුල් වි පඩුරු පෙට්ටිය සොරාගත් පුද්ගලයා අත්අඩංගුවට ගැනිමට හැටන් පොලිසිය විමර්ෂණයක් ආරම්භ කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments