Tuesday, September 26, 2023
Google search engine
Homeදේශීය පුවත්එස් අයි ගේ යතුරුපැදියට ගිනි තියලා

එස් අයි ගේ යතුරුපැදියට ගිනි තියලා

දියතලාව නගරයේ රාජකාරි කළ පොලිස් උප පරීක්ෂකවරයකු ගේ යතුරුපැදියක්  පැහැරගෙන වෙනත් ස්ථානයකට ගෙන ගොස් ගිනිතබා විනාශ කර දමා තිබියදී අද (19)  අලුයම  හමුවූ බව දියතලාව පොලීසිය කියයි.

දියතලාව  පොලිසියට අනුයුක්තව රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු ට අයත් යතුරු පැදියක් මෙසේ  රැගෙන ගොස් ගිනි තබා ඇති බව පොලීසිය කියයි.

රාත්‍රී අමුත්තන්ගේ මෙහෙයුම් රාජකාරියේ යෙදී සිටින අතරතුර බීමත් තීරෝද රථයක් දියතලාව  නගරයේ දී අත්අඩංගුවට ගෙන යතුරුපැදිය නගරයේ එම ස්ථානයකම නවතා අත්අඩංගුවට ගත් ත්‍රී රෝද රථ පදවා ගෙන උප පොලිස් පරීක්ෂක වරයා පොලිසියට රැගෙන ගොස් තිබේ. 

 පසුව නැවත ගොස් යතුරු පැදිය ගෙන ඒමට ගියද එම ස්ථානයේ නොතිබීම නිසා සොයා බැලීමේදී එය දියතලාව ගල්කන්ද ප්‍රදේශයේ ගිනි තබා තිබියදී හමු වූ බව පොලිසිය කියයි.

යතුරුපැදිය මුළුමනින්ම  ගිනිගෙන විනාශ වී තිබූ බවද පොලිසිය කියයි.

මෙසේ යතුරු පැදිය පැහැරගෙන  ගිනිතබා විනාශ කළ පුද්ගලයන් සොයා කඩිනම් විමර්ශනයක් ආරම්භ කළ බවද දියතලාව පොලීසිය කියයි. දියතලාව  පොලීසිය පරීක්ෂණ පවත්වයි. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments