Tuesday, September 26, 2023
Google search engine
Homeව්‍යපාරිකපොලිස්පති රාළහාමිගෙන් සමාව අයදී

පොලිස්පති රාළහාමිගෙන් සමාව අයදී

කංසා ළඟ තබාගත් බවට පොලිස් කොස්තාපල්වරයකුට එරෙහිව අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්දන අංශය බොරු චෝදනා යටතේ නඩු පැවරීමෙන් තන්තිරිමලේ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයාට සිදුවු අසාධාරණය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී. එස්. වික්‍රමසිංහ මහතා මැදව්චචිය මහේස්ත්‍රාත් ප්‍රියන්ත හාල්යාල මහතා හමුවේ විවෘත අධිකරණයේදී අදාළ පොලිස් කොස්තාපල්වරයාගෙන් සමාව ඇයදුවේය.

තන්තිරිමලේ පොලිසියට අනුයුක්තව සේවය කළ එම පොලිස් කොස්තාපල්වරයාගෙන් පළිගැනීම සඳහා සැලසුම් සහගතව ගංජා මිළි ග්‍රෑම් 85010 ක් සන්තකයේ තබා ගැනීම ජවාරම් කිරීම සහ ප්‍රවාහනය කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස්පතිවරයාගේ නියෝග මත විශේෂ විමර්ශන කාර්යංශය සිදු කළ විශේෂ විමර්ශනයකදී අනාවරණ වූ බව දැනුම් දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පළි ගැනීමේ චේතනාවෙන් පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව නඩු පැවරූ අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් හත් දෙනාගේ වැඩ තහනම් කොට ඔවුන්ට එරෙහිව ද්වේශ  සහගතව නඩු පැවරීමේ චෝදනා යටතේ මෙම අධිකරණයේම නඩු පවරන බවට ද සහතික විය.

තන්තිරිමලේ පොලිසියට අනුයුක්තව සේවය කල මැදවච්චිය ඇටවීරගොල්ලෑව පදිංචි පොලිස් කොස්තාපල් (83840) ජේ.ඩී. සදුන් මහතාට එරෙහිව අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් පවරා තිබු නඩුව ඉල්ලා අස්කරගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මේ වනන විට වැඩ තහනම් කොට සිටින ජේ.ඩී. සදුන් මහතා යළි සේවයේ පිහිටුවීමට කටයුතු කරන බව ද අධිකරණයට සහතික විය.

පොලිස්පතිවරයාගේ නියමයෙන් කළ විමර්ශනයේදී තම සේවාදායකයාගේ නිර්දෝෂිභාවය හෙළි කර ගනිමින් ඔහුට එරෙහි නඩුව ඉල්ලා අස් කර ගැනීමටට මෙන්ම තම සේවාදායකයාට එරෙහිව නීතීය අවභාවිතා කළ නිලධාරීන් හඳුනා ගැනීමට මෙන්ම ඔවුන්ට එරෙහිව පියවර ගැනීමට පොරොන්දුවීම පිළිබදව විත්තියේ නීතිඥයා පොලිස්පතිවරයාට සහ දෙපාර්තමේන්තුවට කෘතඥතාවය පළ කළේය.

පැමිණීල්ල වෙනුවෙන් මැදවච්චිය පොලිසියේ නිලධාරීන් සමඟ පොලිස් විශේෂ විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී එස් වික්‍රමසිංහ මහතා පෙනී සිටියේය” සැකකාර පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් නීතිඥ නලීන් දිමුතු බංඩාර මහතා පෙනී සිටියේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments