Wednesday, September 27, 2023
Google search engine
Homeදේශීය පුවත්වාණිජ බැංකුවල ණය දීමේ හැකියාව රුපියල් බිලියන 200කින් ඉහළට

වාණිජ බැංකුවල ණය දීමේ හැකියාව රුපියල් බිලියන 200කින් ඉහළට

වාණිජ බැංකු සිය තැන්පතු ප්‍රතිශතය අනුව මහ බැංකුවේ පවත්වාගෙන යා යුතු සංචිත අනුපාතය 4% සිට 2% දක්වා පහත හෙලීමට මහ බැංකුව ගත් තීරණය වර්ධනාත්මක ආර්ථිකයකට මනා පිටිවහලක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එම තීරණයට අනුව වාණිජ බැංකුවල ණය දීමේ හැකියාව වර්ධනය වන බවයි.

මෙරට වාණිජ බැංකුවල ණය දීමේ හැකියාව මේ අනුව රුපියල් බිලියන 200කින් පමණ ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය. මේ හේතුවෙන් සංසරණ මුදල් ප්‍රවාහය ඉහළ යන අතර ඒ අනුව ඉල්ලුම ඉහළ යාම ආර්ථික වර්ධනයට ඉවහල් වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments