Wednesday, September 27, 2023
Google search engine
Homeදේශීය පුවත්ධුරධාරින් නොමැති පළාත් පාලන ආයතන පවත්වාගෙන යායුත්තේ කෙසේද ?

ධුරධාරින් නොමැති පළාත් පාලන ආයතන පවත්වාගෙන යායුත්තේ කෙසේද ?

ධුරධාරින් නොමැති පළාත් පාලන ආයතන රටේ පවතින වත්මන් තත්වය තුළ පවත්වාගෙන යායුතු ආකාරය පිළිබද වැඩමුලුවක් ඊයේ (11) දින පළාත් පාලන පිළිබඳ ශ්‍රී ලංකා ආයතන ශ්‍රවනාගාරයේදී පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ගරු ජානක වක්කුඹුර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය

පළාත් පාලන කොමසාරිස්වරු, පළාත් පාලන සහකාර කොමසාරිස්වරුන්, නාගරික කොමසාරිස්වරුන්,නාගරික ලේකම්වරුන් සහ ප්‍රදේශිය සභා ලේකම්වරුන්ට සිය වෘත්තිය කටයුතුවලදි මුහුණ පාන ගැටලු සාකච්ඡා කිරීම හා අත්‍යවශ්‍ය දැනුම ලබා දිම මගින් ගුණාත්මක පළාත් පාලන සේවාවක් ඇති කිරිමේ අරමුණින් මෙම තෙදින වැඩමුලුව සංවිධානය කර ඇත

මෙම වැඩමුලු තුලින් පළාත් පාලන මුල්‍ය කළමනාකරණය,පළාත් පාලන නීතිය, පළාත් පාලන ආයතනයක බලතල, කර්තව්‍යන් සහ යුතුකම් ඉටුකිරිමේදි,නිලධරයන්ගේ කාර්යභාරය සහ අභියෝග පළාත් පාලන ආයතන ස්වයං උත්පාදන ආයතන බවට පත් කිරිම, ව්‍යාපෘති කඝමනාකරණය ඇතුලු විෂයන් ගණනාවක් සාකච්ඡා කිරිමට නියමිතය.

හෙට සහ අනිද්දා යන දෙදින පුරා මෙම වැඩමුලුව පැවැත්වෙක අතර ඒ සදහා මුල්‍යාධාර සපයනු ලබන්නේ OTI (One Text Initiative) ආයතනය මගිනි

දකුණු සහ උතුරු පළාත් සදහා අගෝස්තු 18 – 20 යන දිනවලත් සැප්තැම්බර් 15 – 17 දිනවලදිත් පැවැත්විමට නියමිතය.

මෙම අවස්ථාවට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාශය අතිරේක ලේකම් මහේෂිකා කොඩිප්පිලි ආරච්චි,ආචාර්ය සුරතිස්ස දිසානායක මහතා ඇතුළු පිරිසක් සහභාගී විය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments