Tuesday, September 26, 2023
Google search engine
Homeදේශීය පුවත්තහනම් උත්තේජක සමඟ දෙකක් සැකපිට

තහනම් උත්තේජක සමඟ දෙකක් සැකපිට

මෙරට භාවිතය කිරීම සහ අලෙවි තහනම් කර ඇති රුපියල් කෝටි 4 ට අධික වටිනා තහනම් උද්තේජක තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු වත්තල ද හා බොරැල්ල කොටා පාරේ දී අත්අඩංගුවට ගත් බව  පානදුර වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි.

එංගලන්තයේ සහ බෙල්ජියමේ නිශ්පාදිත මෙම තහනම් උත්තේජක එංගලන්තවේ වෙසෙන ශ්‍රි ලංකිකයකු ව්‍යාපාරිකයකු  කාර්ය වර්ධන උපකරණ තුළ බහා මෙරටට එවන බව පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.

මෙම වැටලීම මෙරට තහනම් උත්තේජක සම්බන්ධයෙන් සිදුකළ ප්‍රථම වැටලීම බවද පොලිසිය පවසයි.

මෙරට භාවිතාය තහනම් කර ඇති තහනම් උත්තේජක මුදලට මෙරට ක්‍රිඩකයන්ට අලෙවි කරන බවට පානදුර වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයට ලද බුද්ධි තොරතුරකට මම වැටලීම වැටලීම සිදුකර ඇත.

සිද්ධියේ ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන් හෙළි වු තොරතුර අනුව බොරැල්ල කොටා පාරේ කායවර්ධන මධ්‍යස්ථානයක් වටලා එහි හිමිකරු සමග පෙති හා එන්නත් වශයෙන් එහි තිබු තහනම් උත්තේජක තොගයක් පොලිසිය බාරයට ගත් බව පොලිසිය කියයි.

කායවර්ධන උපාංග මුවාවෙන් එම සැකකරු එහි සිට හොර රහසේ මෙම තහනම් උත්තේජක අලෙවි කර ඇති බවද පොලිසිය පවසයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments