Wednesday, September 27, 2023
Google search engine
Homeදේශීය පුවත්වකුගඩු රෝගී, ආබාධිත සහ අඩු ආදායම්ලාභී වැඩිහිටි දීමනා නොවෙනස්ව පෙර පැවති පරිදිම

වකුගඩු රෝගී, ආබාධිත සහ අඩු ආදායම්ලාභී වැඩිහිටි දීමනා නොවෙනස්ව පෙර පැවති පරිදිම

වකුගඩු රෝගී, ආබාධිත සහ අඩු ආදායම්ලාභී වැඩිහිටි දීමනා නොවෙනස්ව පෙර පැවති පරිදි ගෙවීම සඳහා ප්‍රතිපාදන වෙන්කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසයි.

පෙර පැවති පරිදි පුද්ගලයන් 647,683ක් සඳහා ගෙවීමට ප්‍රතිපාදන වෙන් කර ඇති බවත්, ඉදිරි දින කිහිපය තුළ ගෙවිම සිදුකිරීමට නියමිත වන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. 

ඒ අනුව පොරොත්තු ලේඛන ද ඇතුළත්ව 517,962 දෙනෙකු සඳහා වැඩිහිටි දීමනාවත්, 88,602 දෙනෙක් සඳහා ආබාධිත දීමනාව හා 41,119 දෙනෙක් සඳහා වකුගඩු රෝගී දීමනාවත් ලබාදීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

වැඩිහිටි දීමනා තැපැල් කාර්යාල මඟින් ද ආබාධිත සහ වකුගඩු දීමනාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ද ලබා ගැනීමේ හැකියාව පවතී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments