Tuesday, September 26, 2023
Google search engine
Homeදේශීය පුවත්සත්ව ආහාර මිල රුපියල් දහසකින් පහතට

සත්ව ආහාර මිල රුපියල් දහසකින් පහතට

බඩ ඉරිඟු කිලෝග්‍රෑමයක් මත පනවා ඇති ආනයන බද්ද රුපියල් 50 කින් අඩු කිරීම හේතුවෙන් සත්ව ආහාර කිලෝග්‍රෑම් 50 කින් රුපියල් 1000ක පමණ මිල අඩු කිරීමක් සිදුවනු ඇති බව සත්ව ආහාර සැපයුම් කරුවන් සහ තොග බෙදාහරින්නන් පවසයි.

බඩ ඉරිගු කිලෝග්‍රෑමයක් සඳහා ආනයන බද්ද මෙතෙක් පැවතියේ රුපියල් 75 ක් ලෙසය. මේ අනුව බඩ ඉරිඟු කිලෝග්‍රෑමයක් මත පනවා ඇති ආනයන බද්ද රුපියල් 25 ක් දක්වා අඩුවී ඇත.

සත්ව ආහාර මිල අඩු කිරීමේ අරමුණෙන් බඩ ඉරිගු ආනයන බදු මෙසේ අඩු කිරීම මගින් ඉදිරියේ දී කුකුල් මස් සහ බිත්තර මිල ද සැලකිය යුතු ලෙස පහළ යනු ඇති බව ද සත්ව ආහාර සැපයුම්කරුවන් හා තොග බෙදාහරින්නන් වැඩිදුරටත් පවසයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments