Tuesday, September 26, 2023
Google search engine
Homeවිදෙස් පුවත්ඔස්ට්‍රේලියාවේ හමුදා අභ්‍යාස අතරතුර අමෙරිකානු හෙලිකොප්ටරයක් කඩාවැටෙයි

ඔස්ට්‍රේලියාවේ හමුදා අභ්‍යාස අතරතුර අමෙරිකානු හෙලිකොප්ටරයක් කඩාවැටෙයි

අමෙරිකා සහ ඔස්ට්‍රේලියා හමුදා අභ්‍යාසයක් අතරතුර හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් අමෙරිකානු මැරීන් භටයන් තිදෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උතුරු ඔස්ට්‍රේලියාවේ මෙල්විල් දූපත ආසන්නයේදී මේ අනතුර සිදු වී ඇති අතර, ඒ මොහොතේ අමෙරිකානු මැරීන් භටයන් 23 දෙනකු හෙලිකොප්ටර් යානයේ සිටි බව ද වාර්තා වේ. ඉන් පස්දෙනකුගේ තත්ත්වය බරපතළ බව වැඩිදුරටත් වාර්තා වේ.

පැසිෆික් සයුරේ අමෙරිකානු – ඔස්ට්‍රේලියානු මිලිටරි සහයෝගිතාව මත විවිධ හමුදා අභ්‍යාස මෑත කාලයේ බහුලව සිදු වූ අතර, එය චීනයේ අභියෝග ඉලක්ක කරමින් සිදුවන්නාක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මීට පෙර පසුගිය මාසයේදී ද දෙපාර්ශ්වයේ හමුදා අතර පැවැති යුද අභ්‍යාසයක් අතරතුර ක්වීන්ස්ලන්ඩ් වෙරළට ඔබ්බෙන් හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි ගමන් කළ ඔස්ට්‍රේලියානු ජාතික හමුදා සෙබළුන් සිවුදෙනකු ජීවිතක්ෂයට පත්වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments