ශතවර්ෂයකට අධික කාලයක් පුරා විහිදුණු කීර්තිමත් උරුමයක් සහිත අභ්‍යන්තර නිර්මාණ විසඳුම් (Interior Solutions) පිළිබඳ ගෝලීය ප්‍රමුඛයෙකු වන Häfele විසින්, අසමසම අභ්‍යන්තර නවෝත්පාදනයන් සිය පාරිභෝගිකයන් වෙත ලබාදීම සඳහා වූ කැපවීමෙහි වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මහනුවර නගරයේදී එහි අති නවීන ප්‍රදර්ශනාගාරය අභිමානවත් අයුරින් විවෘත කරන ලදී.
එහිදී අත්විඳිය හැකි අන්තර්ක්‍රියාකාරී සංදර්ශක (Interactive Displays) නිසා ජාත්‍යන්තර මට්ටටමේ අභ්‍යන්තර නිර්මාණ සඳහා වූ ප්‍රවණතා නව්‍ය ක්‍රියාකාරිත්වය සමග මිශ්‍ර කරමින්, සිය නිර්මාණ සිහින යථාර්ථයක් බවට පරිවර්තනය කිරීමට මෙම වර්ග අඩි 2,000ක සුවිසල් ප්‍රදර්ශනාගාරය තුළදී පාරිභෝගිකයන්ට අවස්ථාව උදාවේ.
ශ්‍රී ලංකාවේ ගෘහයන් හා බැඳෙන සුවිශේෂී නාමයක් ලෙස මේ දක්වා උපයා ඇති කීර්තියද සමග, පුළුල් පරාසයක අභ්‍යන්තර උපාංග සහ උපකරණ සිය පාරිභෝගිකයන් වෙත පිරිනැමීමේදී, Häfele අඛණ්ඩව විශිෂ්ඨත්වයට පත්ව ඇත්තේ පුළුල් සේවා ජාලයක පිටුබලයද ලබමිනි.
ව්‍යාපෘති අලෙවිය කෙරෙහි අවධානය යොමු කරමින් සිය ආරම්භය සනිටුහන් කළ Häfele, නොසැලෙන කැපවීම නිසාම එහි බෙදාහැරීමේ ජාලයේ වර්ධනයට පියවර තබමින් කොළඹ සහ මොරටුව ප්‍රදේශවල නවීනතම නිර්මාණ ප්‍රදර්ශනාගාර විවෘත කිරීමට කටයුතු කරනු ලැබීය.
එහි තවත් දිගුවක් ලෙස මහනුවර නගර මධ්‍යයේ වඩාත් සුවිශේෂී කේන්ද්‍රස්ථානයක මෙම නවතම ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමට කටයුතු කිරීමම, පුළුල් පාරිභෝගික පදනමක් සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් Häfele හි ප්‍රවේශය තවදුරටත් පුළුල් කරනු ඇත.
විශේෂයෙන්ම, මහනුවර නගරය ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ පරිපාලන අගනුවර වශයෙන් අසල්වැසි ප්‍රදේශ සඳහා මධ්‍යම කේන්ද්‍රස්ථානයක් ලෙස ක්‍රියා කිරීමත්, දෙස් විදෙස් සංචාරකයන් එකසේ ආකර්ෂණය වන උපාය මාර්ගික සන්ධිස්ථානයක් ලෙස මහනුවර ප්‍රකට වීමත්, මෙම ප්‍රදර්ශනාගාරයේ අවශ්‍යතාව තවදුරටත් සුවිශේෂී වනු ඇත.
නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම සම්බන්ධයෙන් Häfele Lanka හි විකුණුම් සහ අලෙවි සාමාන්‍යාධිකාරී පවන් සිං මහතා සිය අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය.
“අපගේ නව අභ්‍යන්තර නිර්මාණ ප්‍රදර්ශනාගාරය මහනුවර නගරය වෙත හඳුන්වා දීමට ලැබීම ගැන අප බෙහෙවින් සතුටට පත්වෙනවා. අපගේ පෙර ප්‍රදර්ශනාගාරය වෙතින්ද වඩාත් හොඳ සේවාවක් සැපයූ නමුත්, මේ අසමසම ප්‍රදර්ශනාගාරය තුළදී අපගේ පුළුල් වන නිෂ්පාදන පරාසය සේම, පාරිභෝගිකයන් වෙත පිරිනමන අපගේ නවීනතම නිර්මාණ හොඳින් ප්‍රදර්ශනය කිරීමට විශාල ඉඩක් අවශ්‍ය වුණා. ඒ අනුව, මේ නව ප්‍රදර්ශනාගාරය ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් වෙත නවතම නිර්මාණ සහ නවෝත්පාදනයන් ගෙනඒම සඳහා වූ අපගේ කැපවීම යළි යළිත් අවධාරණය කරන අවස්ථාවක් බවට පත්වෙනවා.”
මහනුවරදී විවෘත වූ මෙම නව අභ්‍යන්තර නිර්මාණ ප්‍රදර්ශනාගාරය Häfele හි කැපවීම පිළිබඳ සාක්ෂියකි.
ජර්මනියේ කෙන්සින්ගන්හි නිෂ්පාදනය කරන ලද නවීනතම මුළුතැන්ගෙයි පද්ධති, නවීන ගෘහ නිර්මාණ ශිල්පීය සහ ගෘහ භාණ්ඩ ආලෝකකරණ විසඳුම්, උසස් තාක්ෂණයෙන් යුතු ගෘහ උපකරණ මාලාවන්, වඩාත් සෞන්දර්යාත්මක ගෘහ භාණ්ඩ සහ ඇඳුම් අල්මාරි කට්ටල විසඳුම් ඇතුළු තවත් බොහෝ දේ මෙම ප්‍රදර්ශනාගාරය තුළ අන්තර්ගතය.
මේ නිසාම, Häfele විශේෂඥ අලෙවි කණ්ඩායම ඒ වෙත පැමිණෙන පාරිභෝගිකයන් සාදරයෙන් පිළිගැනීමට සහ ඔවුන්ගේ නිර්මාණ ආශ්වාදයන් වෙත විසඳුම් ලබාදෙමින්, ඔවුන්ට සහාය වීමට අවස්ථාව ලැබෙන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටී.
මහනුවර නගර මධ්‍යයේ පේරාදෙණිය පාරේ පිහිටා ඇති මෙම නව ප්‍රදර්ශනාගාරය, ගෘහ නිර්මාණ ශිල්පීන්, නිර්මාණකරුවන්, නාලිකා හවුල්කරුවන්, මුළුතැන්ගේ නිර්මාණකරුවන් සහ අවසාන පාරිභෝගිකයන් සඳහා පරිපූර්ණ ගමනාන්තයක් වන අතර, ඔවුන්ට සැබෑ ජීවිතය තුළම ඔවුන්ගේ ව්‍යාපෘති හෝ නිවාස සඳහා ඉස්තරම්ම පන්තියේ අභ්‍යන්තර නිර්මාණ විසඳුම් පිළිබඳ පළමු අත්දැකීම ලබාදෙනු ඇත.
නිෂ්පාදන ප්‍රදර්ශනයේ තබන පුළුල් පරාසක නිර්මාණ එකතුවට අමතරව, Häfele ප්‍රදර්ශනාගාරය වෙතින් මුළුතැන්ගේ නිර්මාණ සහ ඇඳුම් අල්මාරි නිර්මාණ සඳහා සැලසුම් සේවා සපයයි.
එහිදී, මෙම ප්‍රදර්ශනාගාර තුළදීම විශේෂඥ නිර්මාණකරුවන් කණ්ඩායමක් විසින් මෙම සේවාවන් ප්‍රවීණ ලෙස සපයනු ලැබේ. නව්‍ය අභ්‍යන්තර නිර්මාණ විසඳුම් ලොවට ගෙනයන ගමනක් සඳහා මහනුවර, පේරාදෙණිය පාරේ, අංක 752 හි අලුතින් දියත් කරන ලද Häfele Kandy Design Showroom වෙත ඔබත් අදම පිවිසෙන්න




