Wednesday, September 27, 2023
Google search engine
Homeදේශීය පුවත්පොලිස්පති වරද පිළිගනී

පොලිස්පති වරද පිළිගනී

විවිධ පුද්ගලයන් රථවාහන වැරැදි කරන ආකාරය  වීඩියෝගත කර ඒවා මාධ්‍ය මඟින්  ප්‍රදර්ශනය කරන  රථවාහන පොලිසියේ  ක්‍රමවේදය  වැරැදි  බව පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා  මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී  පිළිගත්තේය.

මේ අනුව එම වැරැද්ද නිවැරදි කිරීමට කටයුතු කරන බවද  ඔහු එහිදී සඳහන් කළේය. මෙවැනි දේවල් මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමේ  සදාචාරාත්මක භාවය පිළිබඳව අවධානය යොමු කළ කමිටුව  වැරදිකරුවකු වුවත් ඔහුගේ  පෞද්ගලිකත්වයට පොලිසිය ගරු කළ යුතු බව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ගැටළු පවතින බව පොලිස්පතිවරයා පිළිගත්තේ ඒ අවස්ථාවේදීය. මහජන ආරක්ෂක අමාත්‍යාංශය අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව  අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments