ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ සිවුවැනි තරගය ලෙස ලාහෝර්හිදී අද (3) පැවැති තරගයේදී (දිවා/රාත්‍රී) බංග්ලාදේශ පිල ලකුණු 89 කින් ඇෆ්ගනිස්තානය පරාජය කිරීමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 335 ක ඉලකක්ය හඹාගිය ඇෆ්ගනිස්තාන් පිල ඕවර 44.3 කදී ලකුණු 245 කට සීමා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ.
බංග්ලාදේශ පිල ඕවර 50 යේදී කඩුලු 5 ට 334 (මොහොමඩ් නයීම් 28, මෙහෙදි හසන් මිරාෂ් 112, නජ්මුල් හුසේන් සන්ටෝ 104, ) ශකීබ් අල් හසන් නොදැවී 32, මුෂ්ෆිකර් රහීම් 25) ඇෆ්ගනිස්තාන් පිල ඕවර 44.3 කදී සියලු දෙනා දැවී 245 (ඊබ්‍රාහිම් ශද්‍රාන් 75, රමාට් ෂා 33, හෂ්මතුල්ලා ශහිඩි 51, නජිබුල්ලා ශද්‍රාන් 17, රෂීඩ් ඛාන් 24, ටස්කින් අහ්මඩ් 44/4, සොරිෆුල් ස්ලාම් 36/3)