Tuesday, September 26, 2023
Google search engine
Homeදේශීය පුවත්ගෙවල් කුලී පනත අවලංගු කරන්න අනුමැතිය

ගෙවල් කුලී පනත අවලංගු කරන්න අනුමැතිය

1972 අංක 7 දරණ ගෙවල් කුලී පනත අවලංගු කිරීම සහ පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත හඳුන්වා දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඉඩම් හිමියන්ගේ හා කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම් සහ යුතුකම් නිශ්චය කිරීමේ අරමුණින් හඳුන්වා දෙනු ලැබ ඇති 1972 අංක 7 දරණ ගෙවල් කුලී පනත සඳහා අවස්ථා කීපයක දී සංශෝධන සිදු කරනු ලැබ ඇති නමුත් එම පනතින් අපේක්ෂිත අරමුණු ඉටු නොවන බව පෙනී ගොස් ඇතැයි රජය පවසයි.

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා  ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය යටතේ ස්ථාපිත කරනු ලැබ ඇති ගෙවල් කුලී නීතිය පිළිබඳ උපදේශක කමිටුව විසින් මේ පිළිබඳව කරුණු අධ්‍යයනය කර ඇති අතර ඒ අනුව කුලී නිවැසියාගේ සහ ඉඩම් හිමියාගේ අයිතිවාසිකම් සමානව ආරක්ෂා කිරීම අරමුණු කරගත් නව නීතියක් හඳුන්වා දීම සුදුසු බවට යෝජනා කර තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments