Tuesday, September 26, 2023
Google search engine
Homeවිදෙස් පුවත්09/11 ප්‍රහාරයට අදට වසර 22ක් සපිරෙයි

09/11 ප්‍රහාරයට අදට වසර 22ක් සපිරෙයි

අමෙරිකානු ඉතිහාසයේ අඳුරුතම දිනය ලෙස හඳුන්වනු ලබන 2001 සැප්තැම්බර් 11 නිව්යෝර්ක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට සහ වොෂින්ටන් නුවර පෙන්ටගනයට එල්ලවූ අල් කයිඩා ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 22ක් සපිරෙයි.

ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ බිහිසුණු සහ විශාලතම ප්‍රහාරය ලෙස සැලකෙන සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරය සිදු කරනු ලැබුවේ අල් කයිඩා ත්‍රස්තවාදී කණ්ඩායමක් අමෙරිකාවට අයත් ගුවන්යානා 4ක් පැහැරගෙන ගොස් එමගින් සිදු කළ දැවැන්ත ප්‍රහාරමාලාවය. පැහැරගත් ගුවන්යානා 4න් දෙකක් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ගැටෙන්නට සැලැස් වූ අතර, අමෙරිකානු ආරක්ෂිත කේන්ද්‍රස්ථානය වන පෙන්ටගනයට කඩා වැටෙන්නට සැලැස්විය.

සිවුවැනි ගුවන් යානයේ සිටි මඟියකු කලබල කිරීම හේතුවෙන් එම ගුවන් යානය පෙන්සිල්වේනියා ප්‍රාන්තයේදී කඩා වැටුණු බවට වාර්තා විය.

ගුවන් යානයේ සිටි ත්‍රස්තවාදීන් හැරුණු විට එම ප්‍රහාරවලින් පුද්ගලයන් 2,977ක් ජීවිතක්ෂයට පත්වූ බවත්, තවත් දහස් ගණනකට දිගු කාලීන සෞඛ්‍ය ප්‍රතිවිපාකවලට ගොදුරු වීමට සිදුවූ බවත් වාර්තා වී තිබිණි. ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වාර්ෂිකව සිදු කෙරෙන අනුස්මරණ උත්සව ගණනාවක් අමෙරිකාවේදී අද පැවැත්වීමට නියමිත බව ද වාර්තා වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments