Tuesday, September 26, 2023
Google search engine
Homeව්‍යපාරිකජීවිත අහිමි වූවත් නොනවතින දුම්රිය වර්ජනය

ජීවිත අහිමි වූවත් නොනවතින දුම්රිය වර්ජනය

ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වැඩවර්ජනය අඛන්ඩව ක්‍රියාත්මක කරන බව දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම් සේනානායක අවධාරණය කරයි.

කොළඹ පිහිටි දුම්රිය ධාවනාගාර පහෙන් මරදාන සහ දෙමටගොඩ ධාවනාගාර දෙකක රියදුරන් පමණක් මෙම වර්ජනයට සහභාගි වී සිටින බවත් බලධාරීන් සාධාරණ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් ධාවනාගාර පහේම රියදුරන් වර්ජනයට එකතු වීමේ අවදානමක් ඇති බවත් ඔහු පවසයි.

ප්‍රවාහන අමාත්‍යවරයා, එම අමාත්‍යංශයේ ලේකම්වරයා සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු සියලු බලධාරීන් දුම්රිය රියදුරන්ගේ ඉල්ලීම් සාධාරණ යැයි පිළිගත්තද විසඳුමක් නොදීම ගැටලුවක් බව දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම් සේනානායක වැඩි දුරටත් සඳහසන් කරයි.

මෙවන් තීරණයක් ගෙන ඇත්තේ අද උදෑසන දුම්රිය වර්ජනය හේතුවෙන් පැවති අදික තදබදය නිසා දුම්රියේ වහලය මත ගමන් කළ තරුණයෙක් හොරපේ දුම්රිය ස්ථානය ආසන්නයේදී අනතුරකට ලක්ව ජිවිතක්ෂයට පත්ව ඇති මොහොතකය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments