එළඹෙන ඉරිදා (17) ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙයි.
අවසන් මහා තරගයේ ප්‍රවේශපත්‍ර රැසක් මේ වනවිට විකිණී අවසන් වී ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙන්නේ C,D ඉහළ සහ පහළ කොටස්වල ප්‍රවේශපත්‍ර සියල්ල මේ වනවිට විකිණී අවසන් බවය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා ලෝලීන්ට වැඩිදුරටත් දැනුම් දෙන්නේ මේ වනවිට ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැක්කේ A කොටසේ ඉහළ සහ පහළ, B කොටසේ ඉහළ සහ පහළ, ප්‍රධාන ප්‍රේක්ෂකාගාරයේ ටිකට් පත් පමණක් බවය.