Tuesday, September 26, 2023
Google search engine
Homeදේශීය පුවත්චීනයේ belt and road පිරිසිදු බලශක්ති සංවර්ධන සංසදය අද (15)

චීනයේ belt and road පිරිසිදු බලශක්ති සංවර්ධන සංසදය අද (15)

2023 තීරය සහ මාර්ග පිරිසිදු බලශක්ති සංවර්ධන සංසදය (Belt and road clean energy development program) චීනයේ Qinghai පළාතේ අගනුවර වන Xining හි උත්කර්ෂවත් ලෙස අද ආරම්භ විය. මෙම උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ ගම්පහ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ ද සම්බන්ධ විය.

බලශක්ති පරිවර්තනය හා සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික පිරිසිදු බලශක්ති කර්මාන්තය Qinghai කඳුකරයන්හි ඉදිකිරීම් කෙරෙහි අවධානය යොමු කරන ලදී.අද දින පැවැති මෙම උත්සවය සඳහා පර්යේෂණ, කර්මාන්ත, ප්‍රතිපත්ති සම්පාදනය සහ ප්‍රාග්ධන ආයෝජන ආවරණය වන පරිදි රටවල් සහ කලාප ගණනාවක නියෝජිතයින් සහභාගි කරවා ගැනීමට කටයුතු කර තිබිණි. වඩ වඩාත් දරුණු ගෝලීය දේශගුණික විපර්යාස සහ පාරිසරික ගැටළු සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් ඉදිරි සැලසුම් කිරීම මෙහිදී අවධාරණය කර තිබේ.

එසේම ලොව පුරා රාජ්‍ය නායකයන් රැසකගේ සහභාගීත්වයෙන්, එළැඹෙන ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිත “එක තීරයක් – එක මාර්ගයක්” යන්න පදනම් කරගත් BRI එනම් Belt and Road Initiative සමුලුවට සමගාමීව මෙම වැඩසටහන පැවැත්වීම විශේෂත්වයක් විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments