Tuesday, September 26, 2023
Google search engine
Homeදේශීය පුවත්ගනේමුල්ල සංජිවගෙන් ඝාතන 18 ක සුලමුල එළියට

ගනේමුල්ල සංජිවගෙන් ඝාතන 18 ක සුලමුල එළියට

දින 90 ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන  සංවිධානාත්මක අපරාධ කල්ලි   සාමජිකයකු මෙන්ම ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවෙකු බව කියන  ගනේමුල්ල සංජීව නැමැත්තාට අයත්     ටී 56 ගිනි අවියක්  උණ්ඩ 28 ක් සමග   අංගොඩ පැරකුම් මාවතේ කුඩා බෝක්කුවක්  යට සඟවා තිබියදි  අද 17 පෙරවරුවේ සොයාගත් බව පොලිසිය පවසයි.

බස්නාහිර පළාත උතුර    අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක්  අද  පෙරවරුවේ  එම ස්ථානයට පැමිණ මෙම ගිනි අවිය හා උණ්ඩ සොයාගෙන ඇත.
මේවා  ගමන් බෑගයක දමා සුක්ෂිතව අසුරා  තිබු බවද පොලිසිය පවසයි.

ගම්පහ ප්‍රදේශයේ සිදුකළ ඝාතනයන් රැසක්ට මෙම ගිනි අවිය යොදාගෙන ඇති බවට හෙළි වී ඇති බවත්ල ඒ බව තහවුරු කර ගැනීම සදහා විමර්ශන  ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

 ගනේමුල්ල  සංජීව රැඳවුම් නියෝග මත මෙතෙක් සිදුකළ  ප්‍රශ්න කිරීමේ  ඔහු විසින්  මේ දක්වා සිදුකර ඇති ඝාතන  18 ට පමණ තොරතුරු හෙළිව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments