Tuesday, September 26, 2023
Google search engine
Homeදේශීය පුවත්උද්දික ප්‍රේමරත්නට වෙඩි තැබුවේ පසුගිය දා සිඳු කළ ප්‍රකාශය නිසාද ?

උද්දික ප්‍රේමරත්නට වෙඩි තැබුවේ පසුගිය දා සිඳු කළ ප්‍රකාශය නිසාද ?

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා ගමන් කළ මෝටර් රියට කිසියම් පිරිසක් අනුරාධපුර ගුවන්තොටුපොළ පාරේ ඔහුගේ පියාගේ නිවෙස අසලදී ෙ වෙඩි තබා ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.

කෙසේ වෙතත් වෙඩි තැබීමෙන් මන්ත්‍රීවරයාට හෝ වෙනත් කිසිවකුටත් අනතුරක්වී නැතැයි පොලීසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මන්ත්‍රීවරයා නිවෙසට පැමිණෙමින් සිටියදී වෑන් රියකින් පැමිණි පිරිසක් ඔහුගේ මෝටර් රියට මෙසේ වෙඩි කිහිපයක් තබා පලා ගොස් තිබිණැයි කියති.

අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීහු පිරිසක් ඒ මොහොතේම ඒ ස්ථානයට ගොස් සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කළහ.

උද්දික ප්‍රේමරත්න මහතා පසුගිය මහ මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

ඔහු විමල් වීරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයකු වන අතර මෑතක සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.

ඔහු පසුගිය දිනවල කළ සමහර ප්‍රකාශද සමාජයේ ආන්දෝලනයට ලක්විය.

උද්දික ප්‍රේමරත්න විසින් පාර්ලිමේනතුවේදී සිඳු කළ ප්‍රකාශයෙන් පසු ඵල වූ පුවත්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බව වාර්තාවෙයි.

ඒ අනුව ඔහු ව්‍යාපාරිකා දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් මවුබිම ජනතා පක්ෂයට එක්වීමට නියමිත බව දැනගන්නට ඇත.

ඉදිරි මැතිවරණයකදී ඔහු එය නව එම පක්ෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට තරඟ වැදීමට සූදානමින් සිටින බවද පැවසෙයි.

මේ වන විටත් ඔහු ඊට අදාළව දිස්ත්‍රික්කයේ මහජන හමුවල අදහස් පල කරමින් සිටියි.

ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවර තේරී පත් වූ මන්ත්‍රීවරයා මෑතක දී පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් තමන් නව දේශපාලන ව්‍යාපාරයක් අරඹන බව කියා සිටියේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments