Tuesday, September 26, 2023
Google search engine
Homeවිදෙස් පුවත්පිටසක්වළ ජීවීන්ගේ සිරුරු අයිති අපිට - පේරු රජයෙන් චෝදනා

පිටසක්වළ ජීවීන්ගේ සිරුරු අයිති අපිට – පේරු රජයෙන් චෝදනා

මෙක්සිකෝ පාර්ලිමේන්තුවට පසුගිය දා ඉදිරිපත් කළ පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන අසාමාන්‍ය සිරුරු සම්බන්ධයෙන් ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙක්සිකන් මාධ්‍යවේදී ජේමී මවුසාන් (70) ට පේරු රජයෙන් චෝදනා එල්ල වී ඇත.

ජේමී මවුසාන්, මෙක්සිකෝ පාර්ලිමේන්තුව හමුවේ එම පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන සිරුරු ප්‍රදර්ශනය කරමින් කියා සිටියේ ඔහුට ඒවා 2017 වසරේ දී පේරු රටින් හමුවුණු බවය.

පේරු රජය, ජේමී මවුසාන් ට චෝදනා නගා ඇත්තේ පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන පොසිලකරණයට ලක් වුණු එම සිරුරු පේරු රටේ සිට මෙක්සිකෝවට ගෙන යෑම සම්බන්ධයෙනි. එය නීති විරෝධී ක්‍රියාවක් බවත්, පේරු රජය ඒ සම්බන්ධයෙන් කිසිවක් දැන නොසිටි බවත් රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

එම සිරුරු පේරු රටින් හමුවුණේ නම්, ඒවායේ අයිතිය ඇත්තේ පේරු රටට බවත්, ඒවා රහසින් මෙක්සිකෝවට ගෙන යෑම වරදක් බවත් මවුසාන් පැහැදිලි කර තිබේ.

තමන් පේරු රටේ සිට එම පොසිලකරණයට ලක් වුණු සිරුරු මෙක්සිකෝවට රැගෙන ආ හැටි හෙළි නොකරන බව මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ජේමී මවුසාන් පැහැදිලි කර තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments