Tuesday, September 26, 2023
Google search engine
Homeව්‍යපාරිකලෝක අවිවාහක රූ රැජින දිවයිනට

ලෝක අවිවාහක රූ රැජින දිවයිනට

ලෝක අවිවාහක රූ රැජින – 2023 ( Miss Queen of the World ) ලෙස කිරුළ පැළඳි ඉන්දීය ජාතික ක්‍රිශාන්ගී ගෞරි ( krishangee Gauree ) මෙනවිය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අවිවාහක රූ රැජින තෝරා ගැනීමේ තරගාවලියේ අවසාන මහා තරගයට සහභාගී වීම සඳහා ඊයේ (19) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ශ්‍රී ලංකා අවිවාහක රූ රැජින තෝරා ගැනීමේ අවසාන මහා තරගය 09/22 දින කොළඹ නෙළුම් කුළුණ රගහල් පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.

එහිදී තෝරා ගන්නා ජයග්‍රාහිකාවන් සිව් දෙනෙකු 2024 අප්‍රේල් මාසයේ ඇමෙරිකාවේ පැවැත්වෙන ලෝක අවිවාහක රූ රැජින තරගාවලිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

ක්‍රිශාන්ගී ගෞරි මෙනවිය මෙම ශ්‍රී ලංකා අවිවාහක රූ රැජින අවසාන මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තෙකු සහ එහි විනිශ්චය මණ්ඩලයේ සාමාජිකාවක ලෙස ද කටයුතු කිරීමට ද නියමිතයි.

ඇය පිළිගැනීම සඳහා ශ්‍රී අවිවාහක රූ රැජින තරගාවලියේ සංවිධායකවරුන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments