මාලිගාවත්ත ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව දින 19 ක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පසුගිය 01 වැනිදා මාලිගාවත්ත – එච්.ආර් ජෝතිපාල මාවතේදී සිදුවූ වෙඩි තැබීමකින් මෙම පුද්ගලයා තුවාල ලබා ඇත.
ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු ඔහු කොළඹ 08 – බේස්ලයින් පාර, ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකි.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම පුද්ගලයාට වෙඩි තබා පළාගොස් තිබූ අතර, වෙඩිතැබීම සඳහා පැමිණි වයස අවුරුදු 20 ක යතුරුපැදිකරු කොළඹ අපරාධ කොට්ඨාසයේ අත්අඩංගුවට පත්ව ඇත.